අපගේ සේවාවන්
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පැය 24 පුරාම තම රාජකාරි කටයුතු ජනතාව වෙනුවෙන් ඉටුකරමින් සිටි. සියළුම ආධාර දීමනා (වැඩිහිටි දීමනා, වකුගඩුආධාර, පිළිකාධාර, මහජනාධාර,ක්ෂයරෝගාධාර, තැලසීමියා ආධාර, සමෘද්ධි දිමනා) ලබාදීමට අවශ්‍ය කටයුතු , අත්‍යවශ්‍ය අහාර හිඟයකින් තොරව සැපයීමට හා අතිරික්ත නිෂ්පාදන අලෙවිකරගැනිමට අවශ්‍ය කටයුතු , ඇතුළු සියළුම සේවාවන් සැපයිමට කාර්යාලයේ හා ක්ෂේත්රයේ නිලධාරීන් ජනතාව වෙනුවෙන් කැපවී සිටි.
තවද ප්‍රාදේශිය සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ සහයෙන් කාර්යාලීය හා ක්ෂේත්‍ර නිලධාරින් දැනුවත් කිරිම තුලින් කොරෝනා වසංගත රෝග ව්‍යාප්තිය මැඩලීමට හා ආරක්ෂාවිම සදහා අවශ්‍ය දැනුම ඔවුන් වෙත ලබාදී ඇත.
ඔබට අත්‍යාවශ්‍ය ආහාර හා භාණ්ඩ සම්බන්ධව හිඟයක් හෝ අතිරික්තයක් පිළිබද ගැටළුවක් වේනම් පහත කමිටුවේ සහය ලබාගන්නා ලෙස ප්‍රාදේශිය ලේකම්තුමිය විසින් දන්වා සිටි.
අත්‍යවශ්‍ය ආහාර හා පාරිභෝගික භාණ්ඩ සම්බන්ධිකරණ කමිටුව
අනු අංකය |
නම |
තනතුර |
දුරකථන අංකය |
01. |
එන්.ඩී.ඉෂානි ගුණරත්න |
සභාපති(සහකාර ප්‍රාදේශීය ලේකම්) |
පොදු - 037-2264038 |
071-3831222 |
|||
02. |
ආර්.එම්.ඒ.එල්.රත්නායක |
සාමාජික (සංවර්ධන නිලධාරී- ආපදා) |
071-6146567 |
03. |
ඒ.එම්.රංජිත් ගුණරත්න |
සාමාජික (සංවර්ධන නිලධාරී-සංවර්ධන අංශය) |
071-4432797 |
04. |
එච්.එම්.පී.කේ.හේරත් |
සාමාජික (සංවර්ධන නිලධාරී- කෘෂි) |
071-8056235 |
05. |
අයි.එම්.සී.එස්.කුමාරි |
සාමාජික (සංවර්ධන නිලධාරී- කෘෂි) |
071-5771671 |
06. |
ඊ.එම්.සී.සුභාෂිණී |
සාමාජික (සංවර්ධන නිලධාරී- කෘෂි) |
071-3360466 |
07. |
ඒ.එම්.ටී.බී.අධිකාරී |
සාමාජික (සංවර්ධන නිලධාරී- සංවර්ධන අංශය) |
077-4088217 |
08. |
එල්.එච්.එම්.කේ.පී.බණ්ඩාර |
සාමාජික (සංවර්ධන නිලධාරී ) |
070-5804315 |
09. |
ජේ.ඩී.සී.කේ.බණ්ඩාර |
සාමාජික (අභ්‍යාසලාභී උපාධිධාරී) |
071-6318102 |
ඇඳිරි නීතී කාල සීමාව තුළ කොට්ඨාසයේ ජනතාව සඳහා ආධාර ලබා දීම් හා සම්බන්ධ තොරතුරු
වැඩිහිටි අධාර | ආබාධිත දීමනා | පිළිකා ආධාර | තැලිසීමියා ආධාර | වකුගඩු ආධාර | ගර්භණි මාතාවන් සඳහා ලබාදුන් පෝෂණ මුද්දර සංඛ්‍යාව | එකතුව | |
ප්‍රති ලාභින් සංඛ්‍යාව | 1,627 | 217 | 96 | 19 | 87 | 428 | 2,474 |
මුදල(රු) | 8,023,800 | 1,085,000 | 144,000 | 28,500 | 435,000 | 9,716,300 |
පොරොත්තු ලේඛනයේ සිටින
වැඩිහිටි අධාර | ආබාධිත දීමනා | පිළිකා ආධාර | තැලිසීමියා ආධාර | වකුගඩු ආධාර | පෝෂණ මුද්දර ලාභී පවුල් සංඛ්‍යාව | එකතුව | |
ප්‍රති ලාභින් සංඛ්‍යාව | 82 | 74 | 1 | - | 3 | - | 160 |
මුදල(රු) | 410,000 | - | - | - | - | - | 410,000 |
කොට්ඨාසයේ සමෘද්ධි වැඩසටහන යටතේ සහනාධාර ලබා දීම් පිළිබඳ තොරතුරු - 2020.04.12 වන දින වන විට
අංකය | වැඩසටහන | සංඛ්‍යාව | |
1 | සහනාධාර ලාභි සංඛ්‍යාව | 4,564 | |
2 | පොරොත්තු ලේඛනයේ සිටි | 960 | |
3 | සහන පියවර | 3,569 | |
4 | සහන අරුණළු | 868 | |
එකතුව | 9,961 |
අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා යොදාගෙන ඇති බලපත්‍ර
අනු අංකය | ආරම්භ කර ඇති ජංගම සේවා සංඛ්‍යාව | අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා යොදාගෙන ඇති බලපත්‍ර සංඛ්‍යාව | එකතුව | |||||||
එළවලු/පළතුරු | වියළි ආහාර ද්‍රවය | මස් /මාළු/බිත්තර | ඖෂධ | පොල් | බේකරි නිෂ්පාදන | පානීය ජලය | වෙනත් | |||
1 | 82 | 68 | 46 | 19 | 3 | 36 | 6 | 5 | 14 | 197 |
වෙනත් විශේෂිත කරුණු | ||||||||||
දෛනික ජන ජීවිත්ය බිඳවැටීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේම් කොට්ඨාශයේ බෙදා වෙන් කරන ලද ඒකක සංඛයාව - | 153 | |||||||||
ප්‍රා.ලේ.කො තුළ හිග/අතිරික්ත එළවළු විකිණිමට සහ මිලදී ගැනීමට වෙළෙදුන් යොමු කිරීම සඳහා හදුනාගත් ස්ථාන - ඉරුදෙණියාය එළවළු ගොවිපොල සහ වාරියපොල පැරණි ආර්ථික මධ්‍යස්තානය | ||||||||||
කොට්ඨාසයේ කොරෝනා රෝගීන් බවට සැක සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු - 2020.04.12 දිනට
විදේශ ගතව සිට පැමිණි පුද්ගලයන් | නිරෝධායන මධ්‍යස්ථාන වලින් පැමිණි සංඛ්‍යාව | කොරෝනා රෝගීන් සමඟ සබධතා පැවැත් වූ සංඛ්‍යාව | වෙනත්(සංචාරක මග පෙන්වන්නන්,සංචාරක හෝටල් වල සේවකයන් වැනි) | මුළු සංඛ්‍යාව | |||||||
මුළු සංඛ්‍යාව | දින 14 සම්පූර්ණ සංඛ්‍යාව | පරීක්ෂණ සඳහා රෝහල් ගත කල සංඛ්‍යාව | මුළු සඛ්‍යාව | දින 14 සම්පූර්ණ කල සංඛ්‍යාව | දින 14 සම්පූර්ණ කරමින් සිටින සංඛ්‍යාව | මුළු සංඛ්‍යාව | දින 14 සම්පූර්ණ කල සංඛ්‍යාව | දින 14 සම්පූර්ණ කරමින් සිටින සංඛ්‍යාව | පරීක්ෂණ සඳහා රෝහල් ගත කල සංඛ්‍යාව | ||
47 | 47 | 1 | 1 | 0 | 1 | 0 | 98 | 65 | 33 | 2 | 145 |
COVID – 19 හෙවත් කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග
- කොරෝනා මර්ධන සැළස්මක් සකස් කිරීම (මේ හා සම්බන්ධ සියළු ආයතන ඒකාබද්ධව)
- කොරෝනා මර්ධන සම්බන්ධීකරණ කමිටුව පිහිටුවීම සහ ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම
- කොරෝනා මර්ධන ප්‍රාදේශීය කමිටුව සහ ග්‍රාමීය කමිටු ස්ථාපිත කිරීම.
- කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ග්‍රාම නිළධාරී සහ ඒකක භාර ක්ෂේත්‍ර නිලධාරීන් මගීන් සැකකටයුතු පුද්ගලයන් හදුනා ගැනීම සහ හිරිපිටිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා එක්ව ඔවුන්ව ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීම. (2020.04.10) වන විට 111 ස්වයං නිරෝධායනය කර අවසන් වී ඇති අතර 34 දෙනෙකු ස්වයං නිරෝධායනය වෙමින් පවතී. නිරෝධායනය වන පුද්ගලයන් සඳහා සහනසේවා කටයුතු සිදු කෙරේ.
- නිරන්තරයෙන් යාවත්කාලීන තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සහ නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ,අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය ආයතන ඒකබද්ධව සාකච්ජා කර සැළස්ම යාවත්කාලීන කිරීම.
- කොරෝනා මර්ධනය පිළිබඳ උපදෙස් අඩංගු අත්පත්‍රිකාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගීන් මුද්‍රණය කර වසම් මට්ටමින් බෙදා හැරීම සහ දැනුවත් කිරීම
- ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළුව කොට්ඨාශයේ ජනතාව ගැවසෙන ආයතන අත්සේදීම වැනි සනීපාරක්ෂක කටයුතු සිදුකිරීමේ ක්‍රමවේද හදුන්වා දීම සහ විෂබීජහරණ කටයුතු සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව සිදු කිරීම.
- වැඩිපුර ජනතාව ඒකරාශී වන සති පොළ වැනි ක්‍රියාකාරකම් තාවකාලිකව නතර කිරීම.
- මේ වන විට මුළු කොට්ඨාශයම පවුල් 50 බැගින් ඒකක වලට කොටස් කර එම ඒකක ක්ෂේත්‍ර නිලධාරීන් මාර්ගයෙන් නිරන්තරයේන් පසුවිපරම් කිරීම
- ඇදිරි නීතීය ඉවත් කළ පසු ජනතාවට ආරක්ෂිතව තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආරක්ෂක අංශ සමඟ ඒකාබද්ධව විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරිම.
- ඇදිරිනීතිය කඩ කරන්නන් සඳහා අවශ්‍ය කටයුතු, මත්ද්‍රව්‍ය භාවීතය වැළක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා නිරන්තරයෙන් පොලීසිය දැනුවත් කිරීම සහ අවශ්‍ය තොරතුරු උපදෙස් ලබාදීම.
- සාමාන්‍ය ජන ජීවිතය බිඳ වැටීම වළක්වා ගැනීම පිණිස නිරන්තරයේන් අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
- අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වශයෙන් සැළකෙන වියළි ආහාර ද්‍රව්‍ය,පානීය ජලය, බේකරි නිෂ්පාදන , එළවලු , මස් , මාලු , බිත්තර කොට්ඨාශය තුළ බෙදා හැරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඇත. (2020.03.28 – 2020.04.11 වන විට මෙම ද්‍රව්‍ය බෙදා හැරීමට බලපත්‍ර 182 ලබා දී ඇත) අතිරික්ත ද්‍රව්‍ය සකස් වෙමින් පවතින වාරියපොළ පැරණි ආර්ථික මධ්‍යස්ථානය වෙත ලබාදීමට සහ අවශ්‍ය එළවළු වාරියපොළ පැරණි ආර්ථික මධ්‍යස්ථානය වෙතින් සහ ඉරුදෙණියාය එළවළු ගොවිපොළ වෙතින් ලබාගැනීමට වෙළෙදුන් යොමු කිරීම .
- බලපත්‍රලාභී ජංගම වෙළෙදුන් මගීන් අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙතම ගොස් ලබා දීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කොට ඇත. (2020.04.10 වන දින වන විට ජංගම රථ 75 ග්‍රාම නිලධාරි වසම් 42 ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ)
- සහන අවශ්‍ය වන්නා වූ අඩුම ආදායම් ලාභී ප්‍රතිලාභීන් 487 හඳුනාගෙන ඇති අතර විවිධ උපකාර කරන්නන් හරහා ඔවුන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරමින් පවතී.
- ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ ජනතාවට ඖෂධ ලබාගැනීමෙ සඳහා හිරිපිටිය සහ කුඹුක්ගැටේ යන නගර ආශ්රිත ප්‍රධාන ෆාමසි සියළු දිනයන් හිදී විවෘත කර තැබීම, වට්ස් ඇප් වයිබර් තාක්ෂණය ඔස්සේ ඖෂධ බෙදා හැරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම (හිරිපිටිය ග්‍රාමීය රෝහලේ සායනික රෝගීන් සඳහා මාස දෙකකට සරිලන පරිදි ඖෂධ ලබාදීමට කටයුතු කර ඇත)
- අප්‍රේල් මාසයට අදාල විශ්‍රාම වැටුප්, කාර්ය මණ්ඩල වැටුප්, වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා, වකුගඩු ආධාර, මහජන ආධාර, ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් විධිමත් පරිදී බෙදා අවසන් කර ඇත. සමෘද්ධි ලාභීන් සඳහා සහන සැළසීම යටතේ රු 5000 දීමනාව ලබා දීම අවසන් කර ඇත. එසේම ඉහත කිසිදු ආධාරයක් නොලැබූ දෛනික ජීවනෝපාය මාර්ග අහිමි වූවන් සඳහා රු5000 ක දීමනාව ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තොරාගැනීම අවසන් කර ඇත.
- ස.තො.ස සහ හිරියාල විවිධ සේවා සමූපකාර සමිතිය සමග සාකච්ජා කර දිනයක් නම් කර අපහසුවට පත් නොවන ආකාරයෙන් ගැබිණි මවුවරුන් සඳහා පෝෂණ මුද්දරය ලබා දීමට කටයුතු කිරීම.
- මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රෝස්ටර් ක්‍රමයට අනුව බෙඳා වෙන්කර ජනතාව සඳහා විධිමත් සේවාවක් ලබාදීම සඳහා ගනේවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පැය 24 තුළම විවෘත කිරීමට කටයුතු කර ඇත.