ඉඩම් පරිපාලනය
- ඉඩම් සංවර්ධන ආඥාපනත හා ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත යටතේ රජයේ හිස් ඉඩම් ගම් පුළුල් කිරිම සදහා බෙදා දීම හා රජයේ ඉඩම් ආඥා පනත යටතේ රජයේ හිස් ඉඩම් ගම් පුළුල් කිරිම සදහා බෙදාදීම.
- ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බෙදාදී ඇති ඉඩම්වල පසු කටයුතු
මුල් උරුමය ලබාගැනීම.
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශීය ලේකම් වෙතින් ලබාගන්නා ආකෘතිය සම්පූර්ණ කර ඉදිරිපත් කිරිම.
- දීමනා පත්‍රයේ හා පිඹුරේ මුල් පිටපත් සහ සහතික කරන ලද ජායා පිටපත්.
- සියලුම පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංචිකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව
- දීමනාපත්‍රකරුගේ උරුමකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව - වයස් අනුපිළිවෙලට උපන්දිනය සහිතව
- සියළුම උරුමකරුවන් මෙම මුල් උරුමය පැවරිමට එකඟව ලබා දෙන දිවුරුම් ප්‍රකාශය - රු 25/- ක මුද්දරයක් මත අත්සන් කර සාමවිනිසුරු ඉදිරියේ
- දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
- යම් උරුමකරුවෙකු මිය ගොස් ඇත්නම් මරණ සහතික මුල් පිටපත් හා කොපි
පසු උරුමය නම්කිරිම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශිය ලේකම් වෙතින් ලබාගන්නා ආකෘතිය සම්පූර්ණ කර ඉදිරිපත් කිරිම.
- දීමනා පත්‍රයේ සහ පිඹුරේ මුල් පිටපත් සහ සහතික කරන ලද ජායා පිටපත
- ඉඩමට අදාල සියළුම පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංච්කරුවන් පිළිබඳ ග්‍රාමනිලධාරී වාර්තාව
- පසු උරුමකරුවන් එක් අයෙකුට වැඩිය නම් කරන්නේ නම් බලයලත් මිනින්දෝරුවරයකු විසින් අදින ලද පිඹුර හා එහි සහතික කරන ලද ජායාපිටපත
- පසු උරුමකරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්
- මෙම පසු උරුමය නම්කිරීම තම කැමැත්තෙන් සිදු කරන බවට ලබාදෙන දිව්රුම් ප්‍රකාශය(සාම විනිසුරු ඉදිරියේ රු.25ක මුද්දරයක් මත අත්සන් කර)
- දීමනාපත්‍රකරුගේ වාචික ප්‍රකාශය(කාර්යාලයට පැමිණ ලබා දිය යුතුය.
- අදාල ආකෘතිය සම්පූර්ණ කර පළමු පිටුවේ සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස ග්‍රාම නිලධාරී අත්සන් කළ යුතුය
දීමනා පත්‍ර හිමිකරු දැනුම් දෙන දිනයේදි ප්‍රාදේශීය ලේකම් ඉදිරියේදි වාචික ප්‍රකාශ ලබා දිය යුතු බැවින් දැනුම් දෙන දිනයේදි ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය.
දීමනාපත්‍රය අනුමත කර ඇති බැංකුවල ඇපයට තබා ණය ලබා ගැනීමට කටයුතු සලසා දීම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශිය ලෙකම් කාර්යාලය වෙතින් ලබාදෙන ආකෘතිය සම්පුර්ණ කර ඉදිරිපත් කළ යුතුය
- මුල් දීමනා පත්‍රය හා සහතික කරන ලද ජාය පිටපත
- සියළුම පත් ඉරු සටහන්
- දීමනා පත්‍ර හිමිකරුගේ කලත්‍රයාගේ එකගතාවය දිවුරුම් ප්රකාශනයක් මගින්
දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලිකව මැන ගැනිමට අවසර ලබා ගැනිම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශිය ලේකම් වෙතින් ලබාගන්නා අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කිරිම
- ඉල්ලුම්කරු ඉඩමේ අයිතිකරු නොවේනම් අයිතිය ලැබුණු ආකාරය සනාථකිරිමේ ලිපි(ග්‍රාම නිලධාරි සහතික කළ) මරණ සහතික පියපත්(අදාල නම් පමණක්)
- ග්‍රාම නිලධාරි සහතික කළ අදාල ඔප්පුවේ පිටපත
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත් ඉඩමට අදාල පත් ඉරුවේ මුල් පිටපත හා ග්‍රාම නිලධාරි සහතික
රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට අත්පත් කර ගන්නා පෞද්ගලික ඉඩම්වල හිමිකරුවන් සදහා
- අදාල වන්දි මුදල් ප්රදානය කිරිම
අවශ්‍ය ලිපි ලේඛන
- වන්දි අයදුම්පත්‍රය (වන්දි ඉල්ලීමේ ලිපිය)
- අදාල අත්පත් කරගත් ඉඩමේ ඔප්පුව
- අත්පත් කරගත් ඉඩමට අදාල පිඹුර
- අවුරුදු 10 කට වඩා පළපුරුද්දක් ඇති නීතිඥයෙකුගෙන් ලබා ගත් ඉඩමට අදාල හිමිකම් වාර්තාව
- ඉඩමට අදාලව ආසන්න සති 2 තුළ ලබාගත් පත්ඉරු
- අනන්‍යතාවය තහවුරු කිරිම සදහා ජාතික හැදුනුම්පත
- හිමිකම් සනාථකිරිමේ වෙනත් ලියවිලි.
මුදල් අය කිරීම්
- වන්දිය ලබාදිමේදි රු25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්‍ර ගාස්තුව
- අත්පත් කර ගැනිමේ පනතේ 38(අ)වගන්තිය යටතේ ගැසට් පත්‍රය නිකුත් කල දින සිට වන්දි ප්රදානය කල දිනය දක්වා කාල සීමාව සදහා වන්දි මුදලට අදාල පොලිය ලබාදීම
අවශ්‍ය ලිපි ලේඛන
වන්දි ලබා ගැනිමට අදාල ලිපිලේඛන ඉදිරිපත් කර වන්දි ලබා ගෙන තිබිය යුතුය. පොලිය ලබා ගැනිමට ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.
මුදල් අය කිරීම්
- පොලිය ලබාදීමේදි පොලියෙන් 10% ක බද්දක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගෙවිය යුතුය.
- පොලිය ලබාදීමේදි රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්දර ගාස්තුව
- ඉඩම් හිමියන් සදහා ලාක් කමිටුව පැවැත්වීම හා දීමනා ලබාදීම
අවශ්‍ය ලිපි ලේඛන
වන්දි ලබා ගැනිමට ඉදිරිපත් කල යුතු ලේඛන වලට අමතරව ලාක් දීමනාව ලබා ගැනිම සදහා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.
මුදල් අය කිරීම්
ලාක් දීමනාව ලබාදීමේදී රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්දර ගාස්තුව